රජයේ විධායක නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

රජයේ විධායක නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

February 11, 2019   04:19 pm

ලබන 15 වන දින සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

එහි ලේකම් එච්. ඒ. එල් උදයසිරි මහතා සඳහන් කළේ රජයේ වෘත්තීන් කිහිපයක විධායක නිළධාරීන්ගේ වැටුප් විෂමතාවයට මේ වන තෙක් විසදුම් ලබා දී නොමැති බවයි.

 රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නව වැටුප් ක්‍රමයක් සකස් කිරීමට ජනාධිපතිවරයා පත් කරන ලද වැටුප් කොමිසමේ වාර්තාවද මේ වන තෙක් ප්‍රසිද්ධ කර නොමැති බවට රජයේ විධායක නිලධාරීන්ගේ  ඒකාබද්ධ කමිටුව චෝදනා කරයි.