දේශපාලනයට ආව දවසේ ඉදලා කුඩු නැති කරන්න අවධානය යොමු කළා

දේශපාලනයට ආව දවසේ ඉදලා කුඩු නැති කරන්න අවධානය යොමු කළා

February 11, 2019   03:34 pm

වත්මන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමා ඇති බවත් ඔවුන්ගේ වගේම රටේ අනාගතය විනාශ කරන මෙවැනි අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ යුතුම බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර, අසාද් සාලි මහතා සමඟ පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. 

හෙට දිනයේ රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර තමන් හෙලාදකින බවද අමාත්‍යවරයා පවසයි .

තමන් දේශපාලනය ආරම්භ කළ දවසේ සිට මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමු කළ බවද අමාත්‍යවරයා පවසයි. 

පසුගිය මැතිවරණ සමයේ මෙවැනි ප්‍රශ්න හේතුවෙන් තම පාර්ශවයට වෙඩි තබා විශාල ගැටළු ඇති කළ බවත්තම පාර්ශවයේ චරිත ඝාතනය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම නිසා මෙවැන් ව්‍යාපාර සිදු කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් නොමැති බවත් ලෝකේ කොයි කොනක සිටියද මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් දැඩි දඩුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පවසයි. 

ජනාධිපතිවරයා ඇතුළු තම ආණ්ඩුව මෙවැනි පුද්ගලයින්ට කිසිසේත්ම රැකවරණ සපයන්නේ නොමැති බවත තමන් ප්‍රකාශ කරන බවද  අමාත්‍යවරයා සඳහන් කරයි.