පත්තිරුප්පුවේ රිදී දොරටුව විවෘතයි

පත්තිරුප්පුවේ රිදී දොරටුව විවෘතයි

January 23, 2019   01:16 pm

ශ්‍රී දළඳා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රතිසංස්කරණය වු ප්‍රවේශ දොරටුවේ රිදී ආවරණය අද(23) උදෑසන විවෘත කර තිබේ.

බස්නායක නිලමේ ප්‍රදීප් දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ අද උදෑසන සුබ මොහොතින් දොරටුව විවෘත කෙරිණි.

ශ්‍රී දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිලමේවරයෙක් වන උඩුරාවන නිලමේ මහතාගේ දියණිය විසින් ශ්‍රි දළඳා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රතිසංස්කරණය වු කොටසේ ද්වාරය රීදියෙන් නිර්මාණය කර මෙලෙස පුජා කර තිබේ.

පසුගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ ප්‍රහාරයකින් විනාශ වී ගිය පත්තිරුප්පුවේ දොරටුව මේ වන විට සංරක්ෂණය කර ඇති අතර, මෙම රීදි දොරටුව එයට ආවරණයක් ලෙස සකස් කර තිබේ.