නිවාස තුනකට පහරදුන් එකක් අල්ලයි

නිවාස තුනකට පහරදුන් එකක් අල්ලයි

December 18, 2018   05:05 pm

අම්බලන්ගොඩ , ඊරියගහදොළ ප්‍රදේශයේ නිවාස 3කට පහර දී අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඉරිදා රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබුනේ කඩු රැගෙන පැමිණි පිරිසක් විසින් බව අනාවරණ වී ඇත.

අදාළ පිරිස යතුරු පැදි 4කින් පැමිණ ඇත්තේ කඩු ද රැගෙන බව වාර්තා වෙයි.

පහරදීම සිදුවු අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසී තරුණයෙක්ටද අදාළ පිරිස කඩු වලින් පහරදී ඇති අතර අතට සිදුවු තුවාල නිසා ඔහු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වු නිවාස තුනෙහි පදිංචිකරුවන් විසින් බටපොල පොලීසියට පැමිණිලි කළ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ඊයේ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු අද(18) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මීට ඉහතදී දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක ප්‍රතිළුලයක් ලෙස මෙම පහරදීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.