STF මෙහෙයුමකින් ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

STF මෙහෙයුමකින් ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

December 13, 2018   12:00 pm

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ අම්බලන්තොට හැඩවින්න ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයෙකු සන්තක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ හෙරොයින් මිලි ග්‍රෑම් 90 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් පමණ වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වෙයි.

සැකකරු අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලීසියට බාරදී ඇත.

මෙම වැටලීම අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරි පො .ප පියතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ,උ,පො .ප .එස් .කේ කාහිංගල , පො ,සැ.11033 ,තිලකසිරි , පො කෝ ,13398 අදිකාරී , 16776 ප්‍රසාත් ,86937 ඉන්දික යන නිලධාරීන් විසින් සිදුකර තිබේ.