ඝාතනය වු මන්නාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

ඝාතනය වු මන්නාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

December 13, 2018   09:21 am

මාකොළ, ගල්වල හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව විය.

ඊයේ(12) රාත්‍රී 8 යි 15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.

මාකොළ , ගල්වල මංසන්ධිය අසල රැදීසිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි.  

එලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මාකොළ උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්ක සංජීව නොහොත් මන්නා නැමති පුද්ගලයෙක්. 

ඔහු දෙදරු පියෙක් වන අතර මුදල් පොලී කරන අයෙක් බවද අනාවරණ වී තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර  සපුගස්කන්ද පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද(13) සපුගස්කන්ද රෝහලේදී සිදුකිරීමට නියමිතයි.