UNPයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනා 2ගැන ඩලස් කියයි

UNPයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනා 2ගැන ඩලස් කියයි

December 12, 2018   02:32 pm

අද පාර්ලිමේන්තු රැස්වීම තුළදි ඒකපාර්ශ්විකව ආණ්ඩුව නොතකා පාර්ලිමේන්තු මූලික සම්ප්‍රදායන් ගරු නොකරමින් කැඳවන එම සභාවාරයේදි යෝජනාවන් දෙකක් ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.

එම යෝජනාවන් දෙක අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කිරීම වශයෙන් වන බව ඔහු පැවසිය.

එහි දෙවැන්න ලෙස අද පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ යොජනා සම්මතයක් මඟින් බලාපොරොත්තු වන බව පවසන්නේ මන්ත්‍රීවරුන් 113ක් සිටින බව යැයිද ඔහු පැවසිය.

එසේම අද දිනය වන විට පවතින අර්බුදකාරී තත්ත්වයට හරියටම දින29ක් වන බවත් ඔහු පැවසීය.

මෙම අර්බුදයේ ගැඹුර දෙස බැලූ විට විධායකය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට විසඳිය යුතු තැනක මෙය නොමැති බවත් විසඳිය යුතු තැන වන්නේ මේ බල කේන්ද්‍ර තුනට උඩින් සිටින ජනතාව බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අදහස් දැක්වීම සිදු කළේය.