7.3 ප්‍රබල භූ කම්පනයක්
සයුරෙන් එතෙර

7.3 ප්‍රබල භූ කම්පනයක්

December 11, 2018   12:13 pm

දකුණු අත්ලන්තික් සාගරය ආශ්‍රීතව  ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

සවුත් සැන්විච් දූපත් ආසන්නයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වේ.

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක හතයි දශම තුනක් ලෙස සටහන්ව ඇති බව අමෙරිකානු භූ විද්‍යා  සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඉන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.