බිලියන අධික හෙරොයින් එක්ක කොටු වූ සැකකරුවන්ගෙන් දින 7ක් ප්‍රශ්න කරයි

බිලියන අධික හෙරොයින් එක්ක කොටු වූ සැකකරුවන්ගෙන් දින 7ක් ප්‍රශ්න කරයි

December 6, 2018   07:02 pm

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් දින හතක ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලීසියට අවසර ලබා දී තිබේ.

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ  ඊයේ(05) රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක තොගයක් සොයාගෙන තිබේ.

මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හෙරොයින් තොඟය ප්‍රවාහනය කළ බෝට්ටුවක් ද එම වැටලීමකදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.