19ය වෙනස් කරන්න ජනපති කැප වෙයි
December 6, 2018 06:40 pm
19 වන සංශෝධනය තුළින් දේශපාලන වශයෙන් ගැටළු සහගත වන්නා වු කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැපවී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය අංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ, 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමඟින් ඇති කරනු ලැබු ප්රජාතන්ත්රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින් මෙම අදාළ සංශෝධන සිදු කිරීමට ජනාධිපතිවරයා කැපවී ඇති බවයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, එතුමාගේ මූලිකත්වයෙන් සහ ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසඳීම සඳහා බව ද එම නිවේදනයේ දැක්වෙයි.
එම සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්රජාතන්ත්රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබෙන බවද සඳහන් වෙයි.
මේ අතර, එය අප රටේ ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන බවත් අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වූවක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.