උතුරේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

උතුරේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

December 6, 2018   03:39 pm

උතුරු පළාත් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 67 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අද(06) පෙරවරුවේ යාපනය ඥානම් ශාලාවේදී අදාල ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළ බවයි.

මෙවර ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා යාපනය, මුලතිව්, කිලිනොච්ච සහ මන්නාරම් යන දිස්ත්‍රික්වල පදිංචි දරුවන්  67 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

එම කාර්යාංශය සඳහන් කළේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මෙවර වැය කර ඇති මුදල රුපියල් දහසය ලක්ෂ 35,0000ක් බවයි.