දෙරණ ලක් දෙරණේ යෝධ පියවරක් තැබූ වගයි....!
May 19, 2013
මෙරට රූපවාහිනී ඉතිහාසය නව්‍යකරණයට ලක් කළ ටීවී දෙරණ අද (19)තවත් දැවැන්ත පියවරකට මුල පිරුවේය. ඒ දිවයින පුරා ප්‍රේක්ෂක ජනතාවට ටීවී දෙරණ සුපැහැදිළි දසුන් නැරඹීම සඳහා අවස්ථාව උදාකරමින් නුවරඑළියේ ඉහළම කඳුයායක ඉදිවු විශාලතම රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ විවෘත කරමිනි. නුවරඑළිය, කිකිළියාමාන කඳු ශිකරයේ ඉදිවු මෙම සම්ප්‍රේෂණ කුළුණ යුරෝපයේ අති නවීන ඩී.වී.බී.ටී-ටු තාක්ෂණයෙන් සමන්විත අතර මේ නිසා ප්‍රේක්ෂකයන්ට අද සිට කිසිදු අවහිරයකින් තොරව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට ටීවී දෙරණ සුපැහැදිළිව නැරඹිය හැකිය. මේ එකී සම්ප්‍රේෂණ කුළුණයි.
ඒ අනුව ඔබගේ රූපවාහිනිය ටීවී දෙරණ සඳහා යු.එච්.එෆ් චැනල් 36ට යළි සුසර කිරීමෙන් පැහැදිළි දසුන් දැක ගැනීමේ හැකියාව උදාවේ. නව සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම පෙරවරුවේ සිදුවූ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, ටීවි දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ. ආගමික වතාවත්වල අනතුරුව නව සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම සිදු කෙරිණ.