අමෙරිකාවේ GSP සහනය 31 අවසන් - 1 දා සිට තීරු බදුවලට යටත්
December 29, 2017 11:52 am
එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP 2017 දෙසැම්බර් 31 අවසන් වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වෙයි.
2016 වර්ෂකේදි එක්සත් ජනපදය ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර තිබේ.
