තරඟකාරී මානසිකත්වයකින් තොරව දරුවන් දෙස බලන්න

තරඟකාරී මානසිකත්වයකින් තොරව දරුවන් දෙස බලන්න

October 17, 2017   07:47 am




දරුවන් විභාගවලට සූදානම් කිරීම සහ විභාග ප්‍රතිඵල හමුවේ දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන ප්‍රතිචාර පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ හැඟීම් පිළිබඳ තරගකාරී මානසිකත්වයකින් තොරව අවධානය යොමුකිරීම පිළිබඳ දෙමව්පියන්ට අවබෝධයක් ලබාදීම දැඩි අවශ්‍යතාවක්ව පවතින බවයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වන ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර මත් උවදුර පිළිබඳව ද සියලු දෙමව්පියන් අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.