එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සජිත් ඇතුළු 35ක් නෑ

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සජිත් ඇතුළු 35ක් නෑ

January 30, 2020   01:53 pm

අද පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සාමාජිකයින් 35 දෙනෙක සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 03.00ට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන් මහත්වරුන් කෘත්‍යාධිතකාරී මණ්ඩලයෙන් ඉවත්කර ඇති බවට වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් පසු පත්කළ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙලෙස අද පස්වරුවේ මෙලෙස රැස්වන අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඇතුලත් වී නොමැති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.

ඊයේ පස්වරු 03.00ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී මෙම සාකච්ඡාව පැවැති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.