හසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
August 6, 2026 11:02 am
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රී 8:45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිවසට අලාභහානි සිදු කරමින් කඩාකප්පල්කාරී ලෙස වතුපිටි හා දේපළවලට ද හානි කර ඇති බව ඳසහන් වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවාමි ලීගය සඳහන් කළේ, "නිවාස ගිනි තැබීම: අවාමි ලීග් මාධ්‍ය හමුවට සහභාගී වීමේ මිල මෙයයි. නව ෆැසිස්ට්වාදය බංග්ලාදේශය ගිලගෙන තිබේ" යනුවෙනි.
අන්තර්ජාලය හරහා අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ ප්රජාතන්ත්රවාදය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙස අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට මුහුණ දීමට සූදානම්ව දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට තමා දැඩි ලෙස අදිටන් කරගෙන සිටින බවයි.
