ඉමේෂා දුලානිගෙන් වාර්තාගත ශතකයක්
July 31, 2026 02:18 pm
චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානිට අද (31) අවස්ථාව උදාවිය.
පාකිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවැති පළමු විස්සයි20 තරගයේදී ඇය මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වූවාය.
මෙහිදී පාකිස්තානයෙන් හිමිවූ ලකුණු 177ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව තරගයේ 19වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් විය.
එම ජයග්‍රහණය වෙනුවෙන් අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ ඉමේෂා, පන්දු 64කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 101ක් රැස්කළාය.
ඇගේ ඉනිම හතරේ පහර 17ක් හා හයේ පහරකින් වර්ණවත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු අවස්ථා තුනකදී විස්සයි20 ශතක රැස්කර ඇත.
