බංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ට

බංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ට

July 29, 2026   10:05 pm

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගෙන තිබේ.

මෙම මස මුලදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියෙන් බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමග, මාස 12කට අධික කාලයක් එක්දින නායකත්වය දැරූ මෙහෙඩි හසන් මිරාස්ව එම ධුරයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ලිටන් දාස් දැනටමත් බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන බැවින්, මෙම නව පත්කිරීමත් සමග ඔහුට සීමිත පන්දුවාර ආකෘති ද්විත්වයේම නායකත්ව වගකීම හිමිවේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ෂැන්ටෝ තවදුරටත් කටයුතු කරනු ඇතැයි ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් තහවුරු කරයි.