පේට්‍රියට් මිසයිල 300ක අවශ්‍යතාව සෙලෙන්ස්කි ට්‍රම්ප්ට දැනුම්දෙය‍ි
සයුරෙන් එතෙර

පේට්‍රියට් මිසයිල 300ක අවශ්‍යතාව සෙලෙන්ස්කි ට්‍රම්ප්ට දැනුම්දෙය‍ි

July 29, 2026   05:01 pm

අමෙරිකානු සංචාරය අතරතුරදී යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි , එරටට බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල අවශ්‍යතාවය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභිකයන් දැනුවත් කර තිබේ.

ශීත කාලය එළැඹීමට පෙර රුසියානු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා යුක්‍රේනයට "පේට්‍රියට්" ආරක්ෂක පද්ධති සඳහා යොදාගන්නා මිසයිල 300ක් අවශ්‍ය වී තිබේ.

යුක්‍රේනය සතුව රුසියානු සහ ඉරාන ඩ්‍රෝන යානා විනාශ කළ හැකි ඩ්‍රෝන තාක්ෂණය තිබුණද, රුසියාවෙන් එල්ල වන බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීමට අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල විශාල හිඟයක් පවතී.

වොෂින්ටන් නුවර අම‍ෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී සෙනෙට් සභිකයන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ තමන්ට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ කුමක්ද යන්න ට්‍රම්ප් සහ සෙනෙට් මණ්ඩලය වෙත පැහැදිලි කළ බවයි.