ප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ට

ප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ට

July 29, 2026   02:48 pm

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සිනෙඩීන් සිඩාන් නම් කිරීමට ප්‍රංශ පාපන්දු පරිපාලනය තීරණය කර තිබේ.

මෙවර ෆිෆා ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්වීමත් සමග, එතෙක් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩිඩියර් ඩෙෂාම්ප්ස්ගේ ධුර කාලය අවසන් විය. පුරප්පාඩු වූ එම තනතුර සඳහා සිඩාන්ව මෙලෙස පත් කර ඇත.

ප්‍රංශ පාපන්දු සම්මේලනයේ සභාපති පිලිප් ඩයල්ලෝ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, එළැඹෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් සිඩාන් වෙත වසර 4ක කොන්ත්‍රාත් කාලයක් ලබා දී ඇති බවය.

දැනට 54 වැනි වියේ පසුවන සිඩාන්, 2021 වසරේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙතෙක් වෙනත් කිසිදු කණ්ඩායමක පුහුණුකාරිත්වයක් භාරගෙන තිබුණේ නැත.

ඔහු රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් අඛණ්ඩව චැම්පියන්ස් ලීග් ශූරතා 3ක් දිනා දීමට මගපෙන්වූ සුවිශේෂී පුහුණුකරුවෙකු වේ.