සයුරෙන් එතෙර
යුද්ධය නිසා අමෙරිකානු හමුදා සාමාජිකයින් 600කට වැඩි පිරිසක් තුවාල ලබයි
July 27, 2026 09:15 pm
පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග මේ වන විට අවම වශයෙන් අමෙරිකානු යුධ හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වේ.
තුවාල ලැබූවන් අතරින් 417 දෙනෙක් 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුමට සම්බන්ධ වන අතර, 207 දෙනෙක් 'විදේශීය මෙහෙයුම්' යටතේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාව සහ ඉරානය අතර අප්‍රේල් මාසයේදී යුධ විරාමයකට එකඟ වී ජුනි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවද, දෙපාර්ශවයෙන්ම අඛණ්ඩව ප්‍රහාර එල්ල වී තිබේ.
මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ දත්ත පෙන්ටගනය විසින් මෑතකදී සංශෝධනය කර ඇති අතර, එය විනිවිදභාවය අඩාල කිරීමක් ලෙස විවේචනයට ලක්ව ඇත.
හිටපු ජෙනරාල්වරුන් සහ කොන්ග්රස් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ පරිපාලනය, යුද්ධය සම්බන්ධයෙන් අවංකව කටයුතු නොකරන බවය.
ජූලි මස මැද භාගයේදී (ජෝර්දානයේ කඳවුරකට සහ ඉරාකයට එල්ල වූ ප්‍රහාරවලින්) අමෙරිකානු සොල්දාදුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, ජනාධිපති ට්‍රම්ප් විසින් සටන් විරාමය "අවසාන" බව ප්‍රකාශ කළ අතර, එතැන් සිට දෙපාර්ශ්වය අතර යළිත් උණුසුම් වාතාවරණයක් හටගත් බව සඳහන් වේ.
පෙන්ටගන ප්‍රකාශකවරයා පවසන්නේ මෙම දත්ත වෙනස්වීම් හුදෙක් "තාවකාලික දත්ත බිඳ වැටීම්" (temporary data disruptions) පමණක් බවත්, අදාළ අංශ සමඟ එක්ව ඒවා නිරාකරණය කරමින් පවතින බවත්ය.
