සයුරෙන් එතෙර
ඉරාන - ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
July 26, 2026 03:05 pm
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසයි.
ඉරානය සහ ඕමාන විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගිය දිනවල ටෙහෙරානයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය කළමාණාකරණය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව රාජ්‍යන් දෙකේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව් ගමනාගමනය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවට ලක්ව ඇති බව සදහන් වේ.
මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ අනවසර විකල්ප නැව් මාර්ගයක් ස්ථාපිත කරමින් සහ ටෙහෙරානය විසින් නම් කරන ලද නාවික මංතීරුවලින් බැහැරට වාණිජ නැව් හරවා යවමින්, එක්සත් ජනපදය හිතාමතාම ඉරාන-එක්සත් ජනපද අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරමින් සිටින බවය.
