සයුරෙන් එතෙර
දකුණු චීන මුහුදේ එල්ලවන ජල ප්‍රහාර
July 25, 2026 12:50 pm
සිය යාත්‍රා වෙත චීන වෙරළාරක්ෂක බළකාය දෙවන දිනටත් ජල ප්‍රහාර එල්ල කළ බවට පිලිපීන වෙරළාරක්ෂක බළකාය චෝදනා කරයි.
පිලිපීනය පෙන්වා දෙන්නේ දකුණු චීන මුහුදේ පිහිටි මතභේදාත්මක කොරල් පරයක් ආසන්නයේදී මෙම ජල ප්‍රහාරය එල්ලවූ බවය.
මෙම ප්‍රදේශය පිලිපීන ධීවරයන්ගේ පාරම්පරික ධීවර ප්‍රදේශයක් බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම්වලට බාධා කිරීමට කිසිදු විදේශීය බලවේගයකට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවත් පිලිපීන රජය පවසයි.
කෙසේ වෙතත්, නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පිලිපීන යාත්‍රා කිහිපයකට එරෙහිව පාලන පියවර ගත් බව චීන වෙරළාරක්ෂක බළකාය පවසා ඇත.
