බ්‍රිතාන්‍ය අගමැති නිල වශයෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැති නිල වශයෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

July 20, 2026   04:41 pm

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) මහතා චාල්ස් රජු හමුවී තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

ඒ අනුව, ඔහු නිල වශයෙන්ම අගමැති ධුරයෙන් ඉවත් වී තිබේ.

මේ පිළිබඳව බකිංහැම් මාලිගය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කීර් ස්ටාමර් මහතා අද (20) උදෑසන රජු හමුවී තම අගමැති ධුරයේ ඉල්ලා අස්වීම භාරදුන් බවත්, රජු එය ඉතා කැමැත්තෙන් පිළිගත් බවත්ය.

ඔහුගෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස ඇන්ඩි බර්නම් (Andy Burnham) මහතා පත්වීමට නියමිත බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.