ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
July 12, 2026 09:32 am
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ.
ඒ, අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක් ලෙස පරාජයට පත් කරමිනි.
තරගයේ 10 වන විනාඩියේදී මැක් ඇලිස්ටර් ගෝලයක් ලබාගත්තේය.
අනතුරුව 67 වන මිනිත්තුවේදී ඩැන් නොඩ්යේ ස්විස්ටර්ලන්තය වෙනනුවෙන් ගෝලයක් වාර්තා කළේය.
තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම දෙකම ගෝලය බැගින් ලබාගෙන තිබීම හේතුවෙන් තරගය සඳහා අමතර කාලයක් ලබාදීමට පියවර ගැණින.
ඒ අනුව 112 වන විනාඩියේදී ජූලියන් අල්වර්සී ද 121 වන විනාඩියේදී ලෞටාරෝ මාටින්ස් ගෝල වාර්තා කළහ.
මෙම ජයග්රහණයත් සමඟ ආර්ජන්ටිනාව ලබන 16 වෙනිදා එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව වටය සඳහා ක්රීඩා කරනු ඇත.
