සරම්ප නිසා දුක්විඳින බංග්ලාදේශය
සයුරෙන් එතෙර

සරම්ප නිසා දුක්විඳින බංග්ලාදේශය

July 10, 2026   04:38 pm

මෙම වසරේ මාර්තු වන තෙක්ම බංග්ලාදේශය සරම්ප රෝගය තුරන් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන තිබුණත් ඉන් පසුව සරම්ප රෝගයේ සීග්‍ර පැතිරීමක් සිදුවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් පවසයි.

එරට එන්නත්කරණ ප්‍රතිශතයද මෑතක් වනතුරුම 90% කට වඩා ඉහළ මට්ටමක පැවතුණු බව එහි දැක්වෙයි.

කෙසේ වෙතත්, එම සියලු ප්‍රගතියන් ඉතා වේගයෙන් සහ හදිසියේම ගිලිහී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව මාර්තු මාසයේ සිට මේ දක්වා සරම්ප හේතුවෙන් බංග්ලාදේශයේ ළමුන් ඇතුළු පුද්ගලයින් 750 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම මරණ අතරට සරම්ප වැළඳුණු බවට තහවුරු වූ සහ සැකසහිත රෝගීන් යන දෙපිරිසම ඇතුළත් බවය.

බංග්ලාදේශය වසර ගණනාවක දේශපාලන කැලඹීමකට මුහුණ දුන් අතර, 2024 දී ශිෂ්‍යයන් ප්‍රමුඛ කරගත් මහජන විරෝධතා හමුවේ එවකට සිටි නායිකාව වූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කෙරුණි. 

ඒ අනුව අන්තර්කාලීන රජය යටතේ එන්නත් ඇණවුම් කිරීම ප්‍රමාද වුණු බවත් එවැනි හේතු මෙම තත්ත්වය උත්සන්නවීමට බලපා ඇති බවත් පැවසෙයි.