සයුරෙන් එතෙර
පාකිස්තාන පාලනයේ ඇති කාශ්මීරයේ විරෝධතා තවදුරටත්
June 28, 2026 01:00 pm
පාකිස්තාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ පවතින ජනතා විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම විරෝධතා සඳහා ජනතාවගේ සහභාගීත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් රාවලකොට් නගරයේ පැවැති දැවැන්ත විරෝධතා රැළියකට 50,000 කට ආසන්න පිරිසක් එක්වී සිටි බවත් පැවසෙයි.
එය මෑත ඉතිහාසයේ එම කලාපයේ පැවැති විශාලතම රැළියක් වෙයි.
පවතින දැඩි උද්ධමනය, ආර්ථික අර්බුදය, අකාර්යක්ෂම පරිපාලන ක්‍රමය සහ දේශපාලන අයිතිවාසිකම් අහිමි වීමට එරෙහිව AAC සංවිධානයේ මූලිකත්වයෙන් මෙම මහජන ව්‍යාපාරය ආරම්භ කර තිබුණි.
බලධාරීන් විසින් ආරක්ෂක පියවර දැඩි කරමින් විවිධ පරිපාලන සීමාවන් පනවා තිබුණ ද, ඒ සියල්ල නොතකා විරෝධතා අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් සිටින බව පැවසෙයි.
