සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයි

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයි

June 24, 2026   02:10 pm

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දස්කම් දැක්වූ තරගකරුවන් එක්වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය පවසයි.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් එක්වීම ද විශේෂත්වයකි. 

තරගාවලියේ අවසන් තරග එළැඹෙන 28 වනදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.