සයුරෙන් එතෙර
දකුණු කොරියාවට වසර 20කට පසු අග්‍රාමාත්‍යවරියක්?
June 7, 2026 03:03 pm
දකුණු කොරියාවේ මීළඟ අග්‍රාමාත්‍ය ලෙස එරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ අමාත්‍යවරිය වන හන් සන්ග්-සුක් නම් කිරීමට ජනාධිපති ලී ජේ-මියුන්ග් පියවර ගෙන තිබේ.
එරට ජනාධිපති කාර්යාලය අද (7) මේ බව නිවේදනය කළේය.
ඒ අනුව මෙම පත්කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුවහොත්, ඇය දකුණු කොරියානු ඉතිහාසයේ වසර 20කට පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත්වනු ඇත.
ඇය දකුණු කොරියානු අන්තර්ජාල ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන 'නේවර්' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ.
කෙසේ නමුත් දකුණු කොරියාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය යටතේ, අග්‍රාමාත්‍ය ධුරය යනු බොහෝ දුරට චාරිත්‍රානුකූල සහ පරිපාලනමය වගකීම්වලට සීමා වූ තනතුරක් ලෙස සැලකෙයි.
