ශ්රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයි
June 7, 2026 06:11 am
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
ඒ, සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙනි.
තරගය කාසියේ වාසිය උරගාබැලීමට පමණක් සීමා වූ අතර එය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
කෙසේ වෙතත් ක්රීඩාංගණයට අඛණ්ඩව ඇදහැලුණු වර්ෂව හේතුවෙන් එරට වේලාවෙන් පස්වරු 06.35ට පමණ තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
දෙරට අතර පැවත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය අනිද්දා (09) පැවැත්වීමට නියමිතය.
