සයුරෙන් එතෙර
ඉන්දු - මියන්මාර ආර්ථික සබඳතා තර වෙයි
June 3, 2026 02:28 pm
මියන්මාර ජනාධිපති සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි අතර එහිදී ඔහු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව, ඉන්දියාව - මියන්මාරය - තායිලන්තය යා කෙරෙන ත්‍රෛපාර්ශ්වික මාවතේ කටයුතු කඩිනම් කිරීමට දෙරටම එකඟවූ බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය අවසන් කරන නිශ්චිත කාලසීමාවක් ඔහු ප්‍රකාශ කර නොමැත.
කිලෝමීටර් 1,400ක් පමණ දිගින් යුත් මෙම මාවත ඉන්දියාවේ ඊසානදිග මණිපූර් ප්‍රාන්තය, මියන්මාරය හරහා තායිලන්තය සමඟ සම්බන්ධ කෙරෙන අතර, එමඟින් ඉන්දියාව සහ ගිනිකොනදිග ආසියාව අතර වෙළඳාම සහ සන්නිවේදනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මියන්මාරයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අවස්ථා කිහිපයකදීම ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පසුපසට තල්ලුවී තිබුණි.
