අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්

අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්

May 30, 2026   07:44 pm

22 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට තරුෂ මෙන්ඩිස්ට අද (30) සමත්විය. 

එහිදී ඔහු වාර්තා කළ උස මීටර් 2.14කි.

මේ අතර කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නාය. 

ඒ තත්පර 24යි දශම 7කින් තරගය නිම කරමිනි.

එමෙන්ම පිරිමි මීටර 200 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සදෙව් රාජකරුණා සහ ඔමෙල් සිල්වා සහභාගි වූහ.

එහිදී තත්පර 21.13කින් තරගය නිම කළ සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් අතර ඔමෙල් සිල්වාට සිව් වන ස්ථානය හිමිවිය.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, හොංකොංහිදීය.