මියන්මාර ජනාධිපති ඉන්දියාවේ සංචාරයක
සයුරෙන් එතෙර

මියන්මාර ජනාධිපති ඉන්දියාවේ සංචාරයක

May 30, 2026   04:01 pm

මියන්මාර ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු සිදුකරන පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි 30 සිට ජුනි 3 දක්වා එම නිල සංචාරය සිදු කෙරෙනු ඇති.

මෙම සංචාරයේදී මියන්මාර ජනාධිපතිවරයා ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවරදී ජුනි 1 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.