FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

May 28, 2026   01:36 pm

පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි නීතිපතිවරුන් විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවසන් මහා තරගය පැවැත්වෙන නිව් ජර්සි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශපත් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මෙලෙස විමර්ශන ආරම්භ කිරීමට හේතු වී තිබේ.

ඇතැම් තරගවල ප්‍රවේශපත් මිලගණන් අමෙරිකානු ඩොලර් 1400 ඉක්මවා ඇති අතර නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල අමෙරිකානු ඩොලර් 16,100ක් ලෙස සටහන්ව ඇති බව සඳහන් වෙයි.

මේ අතර, ප්‍රවේශපත් සඳහා ප්‍රේක්ෂකයන්ගේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුව ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.