සයුරෙන් එතෙර
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
May 20, 2026 12:06 pm
අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර ඇත.
මේ අතර, මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.
