ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්
May 18, 2026 03:34 pm
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
දෙරට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටාදක්වමින් Cricbuzz වෙබ් අඩවිය සඳහන් කළේ, අගෝස්තු 15 සිට 27 දක්වා මෙම තරග පැවැත්වෙනු ඇති බවය.
කෙසේ වෙතත් තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැත.
මෙම තරග ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් මේ දක්වා කිසිම නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව සඳහන්වේ.
