සයුරෙන් එතෙර
ඉරාන සිවිල් වැසියන්ට ආරක්ෂක පුහුණුවක්
May 17, 2026 10:32 pm
ඉරානයේ ප්‍රධාන නගර කිහිපයක පල්ලි කේන්ද්‍ර කරගනිමින් එරට පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා සැහැල්ලු අවි ආයුධ භාවිතය පිළිබඳ ආරක්ෂක පුහුණු වැඩසටහන් පවත්වා තිබේ.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම පුහුණු සැසි විකාශය කළ අතර, ඒවා ‘රට ආරක්ෂා කිරීම සඳහා මහජන සූදානම’ ඇති කිරීමේ අරමුණින් පවත්වන බව එහිදී සඳහන් විය.
කලාපීය වශයෙන් පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ සිවිල් වැසියන් මෙලෙස සන්නද්ධ පුහුණුව සඳහා යොමු කිරීමට ඉරාන රජය පියවර ගෙන ඇත.
