සයුරෙන් එතෙර
ඉන්දු - රුසියා සබඳතා ශක්තිමක් කරගැනීමට සාකච්ඡා
May 13, 2026 02:33 pm
ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අද දිනයේදී ඉන්දියා-රුසියානු සහයෝගීතාවයේ ප්රමුඛ ක්ෂේත්‍ර ඇතුළුව පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වෙන් ඇති බවය.
රුසියානු විදේශ අමාත්‍යාංශයට අනුව, 2025 දෙසැම්බර් මාසයේදී ජනාධිපති පුටින්ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර එළැඹි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙන්ම රුසියාවේදී පැවැත්වීමට නියමිත නායකයින්ගේ ඉදිරි සාකච්ඡාවල සූදානම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරුන්ගේ ප්‍රධාන අවධානය යොමු කෙරෙනු ඇත.
එසේම වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය රුසියානු-ඉන්දීය කොමිසමේ මීළඟ රැස්වීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා වන පුළුල් පරාසයක ප්‍රමුඛතා පිළිබඳව ද ඔවුහු අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
