ත්‍රස්තවාදයට එරෙහි ස්ථාවරය අඛණ්ඩ බව ඉන්දියාව කියයි
සයුරෙන් එතෙර

ත්‍රස්තවාදයට එරෙහි ස්ථාවරය අඛණ්ඩ බව ඉන්දියාව කියයි

May 13, 2026   01:55 pm

ත්‍රස්තවාදය සහ ඊට අනුබල දෙන බලවේග පරාජය කිරීමේ අධිෂ්ඨානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරව එලෙසම බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දිය පාලනය යටතේ ඇති කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව ආරම්භ කළ සින්දූර් මෙහෙයුමට වසරක් පිරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබුණි.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේදී හින්දු සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර ඉන් පසු අසල්වැසි රටවල් දෙක අතර සබඳතා දශක කිහිපයකින් පසු දරුණුතම මට්ටමට පිරිහී ගියේය.

මෙම ප්‍රහාරයට සහාය දීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා කළ අතර පාකිස්තාන රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් සහ දැඩි හමුදාමය උත්සන්න වීමකට මග පැදී තිබුණි.

ඉන්දියාව විසින් 'ඔපරේෂන් සින්දූර්' ලෙස නම් කරන ලද මෙහෙයුම දියත් කර වසරක් සපිරීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් මෝදි පැවසුවේ, 'ත්‍රස්තවාදය පරාජය කිරීමට සහ ඊට අනුබල දෙන පද්ධතිය විනාශ කිරීමට අපගේ ඇති අධිෂ්ඨානය පෙර සේම ස්ථාවරයි' යනුවෙනි.