පාකිස්තාන අපනයන ගැන අනාවරණයක්
සයුරෙන් එතෙර

පාකිස්තාන අපනයන ගැන අනාවරණයක්

April 29, 2026   02:46 pm

2025-26 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ පාකිස්තානය යුරෝපීය වෙළඳපොළවල් වෙත සිදුකළ අපනයන සීමිත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 0.94 කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 6.86ක් දක්වා ළඟාවී ඇත.

යුරෝපා සංගමයේ GSP+ සහනය අඛණ්ඩව හිමිව තිබියදීත් මෙම සුළු වර්ධනය වාර්තා වී ඇති අතර, ඉන් පිළිබිඹු වන්නේ ප්‍රධාන බටහිර සහ උතුරු යුරෝපීය වෙළඳපොළවල පවතින ඉල්ලුම අඩුවීම බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

රටවල් මට්ටමින් දත්ත පරීක්ෂා කිරීමේදී, ජර්මනිය වෙත සිදුකළ අපනයන සියයට 2.97 කින්, නෙදර්ලන්තය වෙත සිදුකළ අපනයන සියයට 1.78 කින් පහත වැටී තිබේ.

ප්‍රංශය වෙත සිදුකළ අපනයන සියයට 2.62 කින් සහ බෙල්ජියම වෙත සිදුකළ නැව්ගත කිරීම් සියයට 4.73 කින් පහත වැටී ඇත.