පකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක්
සයුරෙන් එතෙර

පකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක්

April 22, 2026   05:01 pm

පකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සහ ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටන් විරාමය කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව ඉරාන රජයේ උපදේශකවරයකු සඳහන් කර තිබේ. 

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ උපදේශකවරයකු වන මහාඩි මුහම්මාදි පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා දැවැන්ත ප්‍රහාරයක් සඳහා කාලය ලබා ගැනීමේ අරමුණින් පමණක් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බවයි.