ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්

April 18, 2026   03:32 pm

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග 4ම ජය ගනිමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම 99/10 (පන්දුවාර 19.4)

ලිමන්සා තිලකරත්න 35, ප්‍රමුදි මෙත්සරා 21, ඉරා ආරේ 19/3, අමුරෝරා මාවර්ස් 15/2, මියා බාර්වික් 20/2

ඔස්ට්‍රේලියානු කණ්ඩායම 96/10 (පන්දුවාර 19.5)

ඇලිසා ඩර්මොඩි 25, ශිලියා ජුලියන් 17, චමුදි ප්‍රබෝධා 22/3, අසේනි තලගුණේ 28/2, ශෂිනි ගිම්හානි 13/2, ලිමන්සා තිලකරත්න 17/2