හයිටියේ වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් 30දෙනෙකු මරුට
සයුරෙන් එතෙර

හයිටියේ වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් 30දෙනෙකු මරුට

April 12, 2026   10:13 am

හයිටි රාජ්‍යයේ පිහිටි "සිටඩෙල් ලැෆරියර්" ඓතිහාසික බලකොටුවේ පැවැති වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සැමරුම සඳහා අතිවිශාල ජනකායක් රැස්ව සිට ඇති අතර ඇතුළුවීමේ දොරටුව අසලදී මෙලෙස තෙරපීමක් හරගෙන ඇත.

හයිටි රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු 19 වන සියවසේ මුල් භාගයේදී මෙම බලකොටුවේ ඉදිකර ඇති බවද සඳහන්.