අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට එන්න සැරසෙයි
සයුරෙන් එතෙර

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට එන්න සැරසෙයි

April 10, 2026   09:25 pm

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ ඉන්දීය සංචාරයක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම වාර්තාවල දැක්වෙන්නේ රූබියෝ ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානමක් පවතින බවය.

ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රිගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් වාර්තා කරමින් ඉන්දීය මාධ්‍ය මේ බව අනාවරණ කර තිබුණි.

එම වාර්තා අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර ඵලදායී හමුවක් සිදුවී තිබේ.

තෙදින සංචාරයක් සඳහා අමෙරිකාවට ගොස් සිටින මිස්රි ධවල මන්දිරයේදී මාර්කෝ රූබියෝ හමුවී ඇත.

එහිදී නායකයන් දෙපළ වෙළඳාම, තීරණාත්මක ඛනිජ සම්පත්, ආරක්ෂක අංශය සහ Quad සන්ධානය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සමාලෝචනය කර තිබේ.