සයුරෙන් එතෙර
ඇෆ්ගන් හිටපු ජනපතිගෙන් පාකිස්තානයට දොස්
April 10, 2026 06:48 pm
පාකිස්තානය විසින් ඇෆ්ගන් භූමියට එල්ල කරන ලද මෑතකාලීන ප්‍රහාර ප්‍රසිද්ධියේ හෙළාදකින ලෙස හිටපු ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන මෙම ප්‍රහාර කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බවය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් කර්සායි සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බවත් ජාතික යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවත්ය.
මෙලෙස දිගින් දිගටම සිදුවන දේශසීමා ආක්‍රමණ හේතුවෙන් දැනටමත් අස්ථාවරව පවතින කලාපයේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බවට ඔහු අනතුරු අඟවා ඇත.
