කරච්චි කිංග්ස්ට එරෙහිව කුසල්ගෙන් ප්‍රවේගකාරී ශතකයක්
April 9, 2026 08:59 pm
පාකිස්තාන් සුපර් ලීග් (PSL) තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද (9) පැවති තරගයේ දී ප්‍රවේගකාරී ශතකයක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.
පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙහිදී පන්දු 52කදී ලකුණු 109ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත් විය.
කරච්චිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 246ක් රැස්කිරීමට සමත් විය.
මෙය පාකිස්තාන් සුපර් ලීග් තරග ඉතිහාසයේ ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ.
