පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
April 4, 2026 11:29 am
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් ඇතුළත කඩුලු 5ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත්විය.
