IPL අදින් ඇරඹේ

IPL අදින් ඇරඹේ

March 28, 2026   10:40 am

ලොව ආකර්ෂණීයම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 19වන අදියර අද (28) ආරම්භ වේ.

තරගාවලිය මැයි මස 31වැනිදා දක්වා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 13කදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අවසන් මහා තරගය ඇතුළුව තරග 74කින් සමන්විතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය වත්මන් ශූරයන්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු හා සන්රයිසස් හයිද්‍රාබාද් අතර පැවැත්වේ.

මෙම තරගය බැංගලෝරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතය.

මේ අතර පාදයේ ආබාදයක් හේතුවෙන් සුවය ලබමින් සිටින චෙන්නායි හිටපු නායක එම්.එස්. දෝනිට තරගාවලියේ පළමු සති දෙක අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.