ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කරයි
සයුරෙන් එතෙර

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කරයි

March 28, 2026   09:07 am

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක අමෙරිකාවේ ටයිගර් වුඩ්ස් සිරගත කර තිබේ.

බීමතින් රිය පැදවීම ඇතුළු චෝදාන තුනක් හේතුවෙන් ඔහු මෙලෙස සිරගත කර ඇත.

පොලීසිය සඳහන් කර ඇත්තේ, වුඩ්ස් පදවාගෙන ගිය ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථය ට්‍රක් රථයක ගැටී ඇති බවය. ඒ හේතුවෙන් ඔහු පැදවූ රථය පෙරළී තිබේ.

බීමත්ව රිය පැදවීම, පොදු දේපොළවලට හානි සිදුකිරීම සහ බීමත්බව සොයාබලන නීත්‍යානුකූල පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු වී ඇති බව සඳහන්ය.

ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සහ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන ටයිගර් වුඩ්ස්, ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් ශූරතා රැසකට හිමිකම් කියයි.