ඇෆ්ගනිස්තානයට ඉන්දියාවෙන් වෛද්‍ය ආධාර තොගයක්
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයට ඉන්දියාවෙන් වෛද්‍ය ආධාර තොගයක්

March 21, 2026   11:30 am

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු ඉන්දියාව විසින් ඇෆ්ගනිස්තානයට වෛද්‍ය ආධාර තොගයක් ලබාදී තිබේ.

ඒ, එම ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මියගොස් 250කට වැඩි පිරිසක් තුවාල ලැබීමේ තත්ත්වය සලකාබැලීමෙන් පසුවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළ පරිදි, මෙම ආධාර තොගයට ටොන් 2.5ක හදිසි ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් 'X' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා මෙම ආධාර ලබාදුන් බවත්, ඉන්දියාව සැමවිටම ඇෆ්ගන් ජනතාව සමඟ සිටින බවත්ය.

මාර්තු මස පසුගිය 16 වනදා මෙම දරුණු ප්‍රහාරය එල්ලවී තිබුණි.